• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර, නව නගරයේ පිහිටි 'රුවන්පුර' නාගරික ළමා උද්‍යානය නිදහස් දීමනාවක් වශයෙන් රත්නපුර මහා නගර සභාව වෙත පවරා දීම
- රත්නපුර, නව නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්පත් කර ගනු ලැබ ඇති ඉඩමෙන් අක්කර 01 රූඩ් 01 පර්චස් 16.30ක ඉඩම් කොටසක එම අධිකාරිය විසින් ඉදි කරනු ලැබ ඇති 'රුවන්පුර නාගරික ළමා උද්‍යානය' නඩත්තු කර පවත්වාගෙන යාම සඳහා රත්නපුර මහනගර සභාව වෙත නිදහස් දීමනාවක් වශයෙන් පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.