• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩා හෝටලය ඉදි කිරීම
- මලල ක්‍රීඩා ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීමේ අරමුණින් නුවරඑළිය රේස් කෝස් පිටියේ ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කටයුතු කරගෙන යනු ලැබේ. එකී ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමට සමගාමීව ඊට ආසන්නව සියලු පහසුකම්වලින් සමන්විත ක්‍රීඩා හෝටලයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. එම හෝටලය ඉදි කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත්, නුවරඑළිය, බදුල්ල පාරේ පිහිටි අක්කර 01 රූඩ් 01 පර්චස් 23.69ක ඉඩම් කොටසක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.