• Increase font size
  • Default font size
  • Decrease font size

2017-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදි කිරීම
- දැනට බම්බලපිටිය ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. මොරටුව ප්‍රදේශයේ පිහිටි අක්කර 01ක ඉඩම් කොටසක් ඒ සඳහා අත් කර ගනු ලැබ ඇති අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් එකී දෙපාර්තමේන්තු මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 42ක භාණ්ඩාගාර ප්‍රතිපාදන සලසා ගනු පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.