• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තැපැල් දෙපාර්තමේන්තුවට සුවිශේෂී වූ සේවා ව්‍යවස්ථාවක් අනුමත කරවාගැනීම
- රාජ්‍ය පරිපාලන චක්‍රලේක අංක 06/2006හි විධිවිධාන පරිදි තැපැල් දෙපාර්තමේන්තුව සඳහා බඳවාගැනීමේ පටිපාටි 09ක් අනුමත කරවා ගෙන ඇති නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී උද්ගතව ඇති ප්‍රායෝගික ගැටලු නිරාකරණය ගත යුතුව තිබේ. ඒ අනුව එක් එක් ශ්‍රේණි සඳහා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බඳවා ගැනීම් පටිපාටිවලින් සමන්විත වූ තැපැල් දෙපාර්තමේන්තුවට අනන්‍ය සේවා ව්‍යවස්ථාවක් සකස් කරගැනීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නම් කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, මුදල් හා ජනමාධ්‍ය, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු යන අමාත්‍යාංශවල සහ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.