• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා තලපත්පිටිය රෝහල පාරේ පිහිටි ඉඩමක් බදු දීම
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්පත් කර ගනු ලැබ ඇති බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඉඩම් ප්‍රමා‍ණයෙන් අක්කර 06- රූඩ් 00-පර්චස් 9.60ක විශාලත්වයෙන් යුත් ඉඩම් කොටසක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු සංවර්ධකයෙකු හඳුනාගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන පටිපාටිය යටතේ ලංසු කැඳවා ඇත. මේ සඳහා ලංසුකරුවන් තිදෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, ඔවුන්ගේ තාක්ෂණික යෝජනා ඇගයීමට ලක් කළ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ඉඩම් කොටස සඳහා රජයේ තක්සේරුවට (රුපියල් මිලියන 514) සාපේක්ෂව ඉහළම මිලක් ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජකයා වන මොනාක් ඉම්පීරියල් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 1,200ක මුදලකට, නියමිත කොන්දේසිවලට යටත්ව, අදාළ ඉඩම 99 අවුරුදු බදු පදනම මත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.