• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර මහ රෝහලේ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම අදියර II
- කළුතර මහ රෝහල බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහලක් ලෙස වැඩිදියුණු කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව මෙම රෝහලේ පරිපාලන ‍කාර්යයන් ක්‍රියාත්මක කරනු ලබන ගොඩනැඟිල්ලේ දැනට පවතින අඩු ඉඩ පහසුකම් සඳහා පිළියමක් ලෙස එම ගොඩනැඟිල්ලේ II අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වී තිබේ.

එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.