• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහන සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහන යනු මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය (HIV), නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය (AIDS) සහ ලිංගාශ්‍රිත බෝවන රෝග (STD) හඳුනාගැනීම, ප්‍රතිකාර කිරීම සහ වළක්වාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් කටයුතු කරනු ලබන මහජන සෞඛ්‍ය වැඩසටහනකි. දැනට වාර්ෂිකව නවක රෝගීන් 23,000ක් පමණ ප්‍රතිකාර සඳහා මෙකී සායන වෙත පැමිණෙන අතර ප්‍රතිකාර සේවා අවශ්‍ය එහෙත් හඳුනා නොගත් HIV ආසාදිත රෝගීන් 4,000ක් පමණ රට තුළ සිටින බවට ගණන් බලා ඇත.

මෙම වැඩසටහනේ ප්‍රධාන කාර්යාලය කොළඹ 10, ද සේරම් ප්‍රදේශයේ දැනට පිහිටුවා ඇති අතර ඒ යටතේ වන අනෙකුත් කාර්යාල ඒකක කිහිපයක් ටීබී ජයා මාවතේ කුලී පදනම මත ලබාගත් ස්ථානයක පවත්වාගෙන යනු ලැබේ. මෙම වැඩ සටහනේ කටයුතු ස්ථාන දෙකක පවත්වාගෙන යාම මඟින් ඇති වන අපහසුතා වළක්වා ගැනීම පිණිස දැනට එම වැඩසටහනේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන ස්ථානයේම මහල් 4කින් යුත් ගොඩනැඟිල්ලක් අලුතින් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.