• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - වාද්දුව - මොරොන්තුඩුව (බී449) සහ බෙල්ලන-මොරගල (බී544) මාර්ග දියුණු කිරීම සහ පුනරුත්ථාපනය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) මඟින් සපයනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වාද්දූව - මොරොන්තුඩුව මාර්ගයේ (බී449) කිලෝ මීටර 5.3ක මාර්ග කොටසක් සහ බෙල්ලන - මොරගල මාර්ගයේ (බී544) කිලෝ මීටර 9.8ක මාර්ග කොටසක් දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර, ඒ සඳහා ලංසු 08ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව සාර්ථක අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින්ග් පෞද්ගලික සමාගම වෙත පැවරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.