• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව නව තැපැල් සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් තැපැල් දෙපාර්තමේන්තුව වෙත විධිමත්ව පවරා ගැනීම
- 'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහන යටතේ යෝජිත නව නගර සංවර්ධන සැලැස්ම අනුව පොළොන්නරුව පූජනීය නගරයේ තැපැල් කාර්යාලය, තැපැල් කාර්යාල නිල නිවස සහ පොළොන්නරුව ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය සහිත ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගැනීමට නියමිත අතර තැපැල් දෙපාර්තමේන්තුවට අහිමි වන එම ඉඩම් සහ ‍ගොඩනැඟිලි වෙනුවෙන් කඳුරුවෙල නගරයේ (දැනට පොළොන්නරුව පැරණි ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටි ඉඩම) තැපැල් සංකීර්ණයක් ඉදි කිරීමට යෝජනා වී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ඉඩම් තැපැල් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.