• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන් 'මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමිතීන්' බවට පත් කිරීම
- වයස අවුරුදු 3 - 5 අතර කාලය තුළ දරුවා විධිමත්ව පෙර පාසලට හුරු වෙමින්, අධ්‍යාපනය ලබාගැනීමේ මූලික හැඩගැස්ම පෙර පාසල ආශ්‍රිතව සකස් කර ගනු ලබයි. වර්තමානයේදී පෙර පාසල් ගුරුවරියන් විවිධ විෂය මාලා ඇසුරෙන් දරුවන් සදහා ක්‍රියාකාරකම් සැලසුම් කරන බැවින් ඒ සඳහා නිවැරදි ප්‍රමිතීන් හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් වේ. ඒ අනුව, ළමා ලේකම් කාර්යලය විසින් සකස් කරනු ලැබ, අදාළ අමාත්‍යාංශ සහ සියලු පළාත් සභා වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සමාලෝචනය කරනු ලැබ ඇති ඇති 'මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන්' 'මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමිතීන්' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, එම ප්‍රමිතීන් පළාත් සභා, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ ඒකාබද්ධ වෙමින් ක්‍රියාවට නැංවීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.