• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උක් පර්යේෂණ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනයේ යුනාන් කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය හා යුනාන් උක් පර්යේෂණ ආයතනය අතර විද්‍යාත්මක සහයෝගිතාව ඇති කර ගැනීම
- උක් ජාන ප්ලාස්ම හුවමාරුව හා උපයෝගිතාව, ජාන ප්ලාස්ම ඇගයීම, උක් වගාවට අදාළ දැනුම, තොරතුරු හා විශේෂඥ ඥානය හුවමාරු කරගැනීම, තරුණ විද්‍යාඥයින් පුහුණු කිරීම සහ දෙරටට වැදගත්වන පොදු විෂයයන් සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදු කිරීම හා පොදු ගැටලු නිරාකරණය කිරීම යන කරුණුවලදී ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගය වර්ධනය කරගැනීමේ අරමුණින් චීනයේ, යුනාන් පළාතේ, කුන්මින්ග් හි පිහිටි යුනාන් කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය හා ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය අතර උක් පර්යේෂණ වැඩිදියුණු කිරීමේ ගිවිසුමකට හා උක් ප්‍රවේණි ද්‍රව්‍ය හුවමාරු කරගැනීමේ ගිවිසුමකට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.