• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම පිටිපන තාක්ෂණ නගරයේ ප්‍රධාන පිවිසුම් මාර්ගයක් ලෙස කොට්ටාව - පිංහේන මාර්ගය සංවර්ධනය කිරීම
- මාලඹේ, කොට්ටාව, හෝමාගම, අතුරුගිරිය හා කඩුවෙල යන ප්‍රදේශ ආවරණය වන පරිදි බස්නාහිර මහා නගර සැලැස්ම යටතේ විද්‍යා හා තාක්ෂණික නගරය ඉදි කෙරේ. ඒ අනුව, හෝමාගම, පිටිපන ප්‍රදේශයේ අක්කර 200ක භූමි භාගයක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත තොරතුරු තාක්ෂණ හා අනෙකුත් තාක්ෂණ පීඨයන් ස්ථාපිත කිරීම සඳහා වෙන් කර ඇත. එම සංවර්ධන කටයුතුවලට සමගාමීව පහසුවෙන් ලඟාවිය හැකි පරිදි ඒ අවට මාර්ග පද්ධතිය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම කඩිනම් අවශ්‍යතාවක් වශයෙන් හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, කඩිනමින් සංවර්ධනය කළ යුතු මාර්ගයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන කොට්ටාව - පිංහේන මාර්ගය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලබන ප්‍රතිපාදන මඟින් සංවර්ධනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.