• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- 2017 වර්ෂයේ අයවැය මඟින් ප්‍රධාන ව්‍යාපෘති 06ක් යටතේ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් වී ඇති ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 06ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වන ව්‍යාපෘති සංරචකය යටතේ ව්‍යාපෘති 13ක් ද, පළාත් බද නාගරික ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘති 16ක් ද, නාගරික ප්‍රදේශ සංවර්ධනය හා නාගරික සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘති 10ක් ද වශයෙන් ඉන් ප්‍රධාන ව්‍යාපෘති 03ක් යටතේ වන රුපියල් මිලියන 20 ඉක්මවන අනු ව්‍යාපෘති 39ක් එකී භාණ්ඩාගාර ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.