• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගලේවෙල පිහිටි ගලේවෙල පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා ඉඩම් කොටසක් ලබාදීම
- මහ දඹුල්ල සංවර්ධන සැලැස්ම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කර ගනු ලැබ ඇති, ගලේවෙල නගරයේ පිහිටි අක්කර 24ක පමණ ඉඩම් කොටසෙන් අක්කර 1 1/2ක් පමණ වන බිම් කොටසක් ගලේවෙල පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.