• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආපදා කළමනාකරණය සම්බන්ධව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම
- ආපදා කළමනාකරණය එක් ආයතනයක හෝ එක් සංවිධානයක හෝ කාර්යයක් නොවන අතර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතුළු සමස්ත මහජනතාවගේ දායකත්වය ලබා ගත යුතු කාර්යයකි. ඒ අනුව, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සේවයේ නියුතු ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳ නිපුණත්වය සහිත සම්පත් දායකයන්ගේ සහයෝගය ලබාගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, පාසල් ප්‍රජාව හා ව්‍යවසායකයන් ආපදා අවම කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.