• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් සඳහා ස්ථිර නිවාස ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09ක පිහිටි නායයෑම් අධි අවදානම් කලාපවල පදිංචි පවුල් සංඛ්‍යාව 14,680ක් බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධාන විසින් හඳුනාගනු ලැබ තිබේ. අධික වර්ෂාව පවතින කාලවලදී මෙම පවුල් ආපදාවට ලක්වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් ඉවත් කර කඩිනමින් සුදුසු වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, එම පවුල් සඳහා ආරක්ෂිත ස්ථානවලින් ඉඩමක් හා නිවසක් මිල දී ගැනීම සඳහා රජයෙන් මූල්‍යාධාර ලබා දීමටත්, එහිදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබා දීමේ හැකියාව සොයා බැලීමටත්, එම පවුල් නැවත අධි අවදානම් කලාපවල පිහිටි සිය නිවාසවල පදිංචිවීම වැළැක්වීම සඳහා සුදුසු පියවර ගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.