• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඵලදායී සහ ආචාරධර්මවලින් පිරිපුන් රාජ්‍ය සේවා වටපිටාවක් ඇති කිරීම
- වර්තමානයේ පවතින තරගකාරී, ශීඝ්‍ර ලෙස වෙනස්වෙමින් පවතින, සංකීර්ණ අභියෝග සඳහා මුහුණ දීම පිණිස යහපාලන මූලධර්ම, පුරවැසි කේන්ද්‍රීය සේවාව, උසස් ගුණාත්මක සේවය, ප්‍රතිඵල සඳහා වගකියන කළමනාකරණය යන අංග ලක්ෂණවලින් සමන්විත නව රාජ්‍ය සේවා වටපිටාවක් නිර්මාණය කළ යුතුව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ජාතික සභාව (NHRDC) විසින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA), කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය යන ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා යෝජනා කරනු ලැබ ඇති පොදු යෝග්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.