• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරුවීමේ ජාතික සැලසුම ක්‍රියාවට නැංවීම
- නිවර්තන කලාපයේ පිහිටි දූපත් රාජ්‍යයක් වීම හේතුවෙන් දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට ශ්‍රී ලංකාව ලක් වීමේ ඉතා ඉහළ අවදානමක් පවතී. එබැවින් ඊට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන අදාළ සියලු පාර්ශ්වවල සහභාගිත්වය ඇතිව, එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ නිර්නායක මත පදනම්ව සහ එහි මූල්‍ය දායකත්වය සහිතව 'දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරුවීමේ ජාතික සැලසුම - 2016 - 2025' සකස් කරනු ලැබ තිබේ. එම සැලැස්ම මඟින් දේශගුණ විපර්යාස හේතුවෙන් අවදානමට ලක් වන ආහාර සුරක්ෂිතතාව, ජලසම්පත්, වෙරළ හා සමුද්‍රය, සෞඛ්‍ය, මානව ජනාවාස හා යටිතල පහසුකම්, පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය, සංචාරක සහ විනෝදාස්වාදය, අපනයන කෘෂිකර්මය, කර්මාන්ත, බලශක්ති සහ ප්‍රවාහනය යන ක්ෂේත්‍ර ආවරණය වේ. ඒ අනුව, ආංශීය ප්‍රමුඛතාවන් පදනම් කරගනිමින්, මධ්‍යකාලීනව ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ප්‍රමුඛතාගත කරමින් එම සැලැස්ම 2016 - 2025 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.