• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උදර්පණ ගිවිසුම
- සාපරාධී කටයුතු වැළැක්වීම සහ මැඬපැවැත්වීම සඳහා වඩාත් ඵලදායී සහයෝගිතාවක් වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා වියට්නාම් සමාජවාදී ජනරජය අතර ඇති කර ගනු ලැබ ඇති උදර්පණ ගිවිසුම, ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර අමාත්‍ය මණ්ඩලය විසින් එය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.