• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ මහ නගර සභා සහ තදාසන්න මහ නගර සභා/නගර සභා බල ප්‍රදේශයන්හි කසළ අපද්‍රව්‍ය බැහැර කිරීම
- විවිධ හේතුන් මත කොළඹ මහ නගර සභා සහ තදාසන්න මහ නගර සභා/නගර සභා බල ප්‍රදේශයන්හි කසළ බැහැර කිරීම ක්‍රමානුකූලව සහ නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් පැන නැඟී ඇති සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවලට විසඳුම් සොයා ගැනීම සඳහා අදාළ පළාත් පාලන ආයතන විසින් හඳුනාගනු ලබන ස්ථානවලට පරිසර නීතිරීතිවලට අනුකූලව කසළ බැහැර කිරීම, කසළ බැහැර කිරීමේදී ඇතිවිය හැකි මහජන විරෝධතා වැලැක්වීම සඳහා අධිකරණය මඟින් නියෝග ලබා ගැනීම, නිසි පරිදි වෙන් කිරීමකින් පසු පමණක් කසළ බැහැර කළ යුතු බවට නියෝග කිරීම, කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතනවලට අවශ්‍ය උපකරණ සපයාදීම, ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, මහා මාර්ගයේ කසළ බැහැර කිරීම වැළැක්වීම, පොලිතින් පරිසරයට බැහැර කිරීම අවම කිරීම සඳහා විකල්ප හඳුනා දීම යනාදී ක්‍රියා මාර්ග අනුගමනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.