• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය ඉවත් කිරීම
- අයවැය යෝජනා මඟින් ප්‍රකාශයට පත් කරන ලද සංශෝධන අනුව, සකස් කරන ලද එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එහිදී සැලකිල්ලට ගත් සංශෝධනවල එක් යෝජනාවක් වූයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ ද නිර්දේශය අනුව සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය ඉවත් කිරීමයි. අපනයනකරුවන්ට මේ සඳහා අනුගතවීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් එම බදු ක්‍රමය ඉවත් කිරීම ක්‍රියාත්මක වන දිනය 2018 ජනවාරි මස 01 දින ලෙස සංශෝධනය කර නැවත සකස් කරනු ලැබ ඇති එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව‍ වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.