• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශ සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කිරීම
- 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමේදී ශ්‍රී ලංකාව විසින් එකඟ වූ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම පිණිස තවත් වසර දෙකක (02) කාලයක් ලබාගැනීමට 2017 මාර්තු මාසයේ පැවැති සැසිවාරයේදී ශ්‍රී ලංකාව සමත් විය. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සහ අනෙකුත් සාමාජික රටවල්වලින් තව දුරටත් අවශ්‍ය තාක්ෂණික සහාය සහ අනෙකුත් සහායන් ලබාගැනීමටත්, ඒ සඳහා කටයුතු කරන විවිධ අමාත්‍යාංශ සහ ආයතන සම්බන්ධීකරණය හා පසු විපරම් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමටත්, එකී කමිටුවට සහාය වීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමටත් යෝජනා කරමින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.