• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම
- අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් විසින් ආරම්භ කරන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලපත්ගම සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ගරු කථානායකතුමාගේ අනුශාසකත්වයෙන් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 296.50ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු රජය විසින් එකඟතාව ලබා දී ඇත. මෙම වැඩසටහන යටතේ එම ගම්මානයේ පදිංචි පවුල් 153ක් සඳහා නිවාස ඉදි කිරීම, බහු කාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, භික්ෂු ආවාසයක් හා දාන ශාලාවක් ඉදි කිරීම, පුස්තකාලය නවීකරණය කිරීම, ජල සම්පාදනය සහ ග්‍රාමීය වැවක් ඉදි කිරීම යන සංවර්ධන කාර්යයන් සිදු කිරීමට නියමිතය. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.