• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 මැයි මස ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති පුද්ගලයන්ගේ නැතිවූ විදේශ ගමන් බලපත්‍ර නැවත ලබාදීම සඳහා සහන සැලසීම
- දැනට පවතින නීතිමය තත්ත්වය යටතේ විදේශ ගමන් බලපත්‍රයක වලංගු කාලසීමාව ඉකුත්වීමට පෙර අස්ථාන ගත වී හෝ විනාශ වී හෝ ඇත්නම් නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 10,000/-ක අධිභාරයක් ගෙවිය යුතු වේ. මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් සිද්ධීන් හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර හානි ‍වී හෝ අස්ථානගත වී ඇති බවට වාර්තා වී ඇත.

එසේ ජල ගැල්ම හෝ නායයාම හේතුවෙන් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත පුද්ගලයෙකු අලුතින් විදේශ ගමන්බලපත්‍රයක් ලබාගැනීමට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය අනුව ඉල්ලුම්කරු විසින් ගෙවිය යුතු අධිභාරයෙන් නිදහස් කිරීමටත්; 2017 ජනවාරි 01 දිනෙන් පසුව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති, එහෙත් මෙතෙක් විදේශ ගත වී නොමැති පුද්ගලයෙකුගෙන් ඒ සඳහා රුපියල් 100/-ක සහන මුදලක් අය කිරීමෙන් පමණක් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටත් මෙම සහනය 2017 අගෝස්තු 30 දක්වා ක්‍රියාත්මක කිරීමත් සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.