• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයතන සතු රජයේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය නියාමනය කිරීම
- රාජ්‍ය ආයතන විසින් ඉටු කරනු ලබන පරිපාලන හා සංවර්ධන කාර්යයන් සඳහා රජය විසින් වෙන් කර ඇති ඉඩම් වෙනත් පාර්ශ්වයක් වෙත බැහැර කිරීමට හැකි වන්නේ අදාළ ආයතනය ස්ථාපිත කර ඇති පනතේ ඒ සඳහා විධිවිධාන සලසා තිබේ නම් හෝ අතිගරු ජනාධිපතිතුමා විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ නම් පමණි. රජය සතු ඌන උපයෝජිත ඉඩම් විවිධ සංවර්ධන කාර්යයන් සඳහා පෞද්ගලික අංශයට ලබා දෙන ලෙසට ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී වඩාත් විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අරමුණින් එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා අතිගරු ජනාධිපතිතුමා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් සහ අදාළ රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් හා නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට යෝජනා කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.