• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ ඒකාබද්ධතාවය සහ ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණය උදෙසා වූ සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමඟ එළඹි සහයෝගිතා ගිවිසුම සංශෝධනය කිරීම
- 'සමාජ ඒකාබද්ධතාවය සහ ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණය උදෙසා වූ සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ වැඩසටහන' ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ එක්ව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2016 වසරේදී එළඹි ගිවිසුම අනුව ලබා දීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 22.70ක දායකත්වය තවත් ඇමරිකානු ඩොලර් මිලියන 3.6කින් පමණ වැඩි කර මුළු ආධාර මුදල ඇමරිකානු ඩෙලර් මිලියන 26.30ක් දක්වා සංශෝධනය කරමින් ගිවිසුමට අත්සන් තැබීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.