• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව හබරණ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වේයන්ගොඩ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- හබරණ නව විදුලි සම්ප්‍රේෂණ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වේයන්ගොඩ විදුලි සම්ප්‍රේෂණ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව ඉන්දියාවේ Siemens සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.