• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඉඩමක් සුපර්ලේටිව් ප්‍රොපටීස් ලිමිටඩ් වෙත බදු දීම
- නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි රූඩ් 03, පර්චස් 01ක ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු දීමට සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා සමාගම් 05ක් විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉදිරිපත් වූ ලංසුකරුවන් අතරින් ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනය වන සුපර්ලේටිව් ප්‍රොපටීස් ලිමිටඩ් ආයතනය වෙත අදාළ ඉඩම් කොටස රුපියල් මිලියන 1,815ක වටිනාකමට වසර 99ක කාලසීමාවක් සඳහා බදු දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, අදාළ ඉඩම් කොටස බදු පදනම මත බැහැර කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.