• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 වර්ෂයේ අප්‍රේල් මස අවසන් වන විට ප්‍රසම්පාදන අධීක්ෂණ කාර්යසාධනය
- රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ මෙහෙයුම් කාර්යාලය කොටසක් වශයෙන් ප්‍රසම්පාදන අධීක්ෂණ ඒකකය 2016 වර්ෂයේදී පිහිටුවන ලදී. එහි අධීක්ෂණ වාර්තාව අනුව 2017 අප්‍රේල් මාසය අවසන් වන විට ප්‍රසම්පාදන 219ක් ආරම්භ කර ඇති අතර, ප්‍රසම්පාදන 32ක් ප්‍රදානය කර ඇත. එම ප්‍රසම්පාදන 219න් ප්‍රසම්පාදන 151ක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග, නගර සැලසුම් හා ජල සම්පාදන, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා යන අමාත්‍යාංශ 05ට අදාළව වේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලද අතර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදයට බලපා ඇති හේතු සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිණිස එම වාර්තාව මඟින් ඉදිරිපත් කරනු ලැබ තිබූ යෝජනා සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලදී.