• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජලභීතිකා රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීමට භාවිත කරනු ලබන එන්නත් මිල දී ගැනීම
- ජලභීතිකා රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම පිණිස භාවිත කරනු ලබන ඇන්ටි රේබීස් (ටීසී) වැක්සීන් (හියුමන් යූස්) 1 මි.ලී/0.5 මි.ලී වයල්ස් 2,900,000 ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත. ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි සාර්ථක ලංසුකරු වන M/s. SmithKline Beechan (Pvt) Ltd. සමාගම වෙත මෙම ටෙන්ඩරය පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.