• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක් ස්ථාපිත කිරීම
- යාපනය විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨ‍යේ පර්යේෂණ හා පුහුණු ගොඩනැඟිලි සංකීර්ණයක් ස්ථාපිත කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ප්‍රදානයක් ලබාගැනීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස 2016 අ‍ප්‍රේල් මස 06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. අනතුරුව අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සමාගම් සමඟ උපදේශක සේවා ගිවිසුම්වලට එළඹ ඇති අතර ආධාර ගිවිසුමේ කොන්දේසිවලට අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ප්‍රදාන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් උප‍ෙද්ශක සමාගම් විසින් තෝරා ගනු ලැබ ඇති ‍කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුමකට එළඹීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.