• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීනය, සිංගප්පූරුව හා ඉන්දියාව සමඟ නව නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා වන සාකච්ඡා
- නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹීම මෙරට අපනයනයන් සඳහා විදේශ වෙළඳ පොළ විවෘත කරවා ගැනීමටත්, ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කරවා ගැනීමටත් ඇති හොඳම මාර්ගයකි. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාව, චීනය හා සිංගප්පූරුව යන රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සාකච්ඡා කරමින් සිටී. ඒ අනුව, ඉන්දියාව සමඟ සාකච්ඡා වට 04ක් ද, චීනය සමඟ සාකච්ඡා ව‍ට 06ක් ද, සිංගප්පූරුව සමඟ සාකච්ඡා වට 05ක් ද මේ වන විට පවත්වා ඇති අතර මෙම වර්ෂය අවසන් වන විට‍ මෙම සාකච්ඡා අවසන් කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, සෞඛ්‍යාරක්ෂක හා ශාක ද්‍රව්‍යයන්ට අදාළ ආරක්ෂක විධි, රේගු ක්‍රියාවලි හා වෙළඳාම් පහසුකරණය, ආර්ථික සහයෝගිතාව හා රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු (සිංගප්පූරුව සමඟ සාකච්ඡාවන්ට අදාළව) යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අදාළව ඉන්දියාව, චීනය හා සිංගප්පූරුව සමඟ වන සාකච්ඡාවන්හි දැනට අත් කරගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.