• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ කලාපය සඳහා ජලය සැපයීම් මෙහෙයුම් ස්ථානයක් ඉදි කිරීම
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් හොරණ පර්ත් වතුයායේ අක්කර 1,463ක වපසරියක් තුළ පිහිටුවනු ලැබ ඇති කාර්මික ජනපදයෙහි ක්‍රියාත්මක වන කාර්මික කලාප 03හි වාණිජ මෙහෙයුම් 20ක් සිදු වන අතර, එමඟින් රැකියා අවස්ථා 2,500ක් උත්පාදනය වී තිබේ. මෙම කාර්මික කලාප 03ට අතිරේකව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් එම කාර්මික ජනපදය තුළ තවත් ව්‍යාපෘති යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

මෙම කාර්මික ජනපදයෙහි පිහිටි හොරණ අපනයන සැකසුම් කලාපය සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා දිය යුතු වන අතර, තාක්ෂණික හේතූන් මත වර්තමානයේ දිනකට ලබා දෙනු ලබන ජල සැපයුම ඝන මීටර 2,500කට වඩා වැඩි කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව, මෙම කාර්මික කලාපය සඳහා දිනකට ඝන මීටර 8,000ක ජල සැපයුමක් ලබා ගත හැකි වන පරිදි සැලසුමක් ආයෝජන මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති අතර එම ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති හොරණ, මගුරුවෙල ප්‍රදේශයේ පිහිටි අක්කර 02, රූඩ්00, පර්චස් 5.1ක ප්‍රමාණයකින් යුත් බිම් කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා ගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.