• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය
- කාර්මික - අධ්‍යාපන හවුල්කාරිත්වය ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය (SLT) විසින් සිය අරමුදල් යොදවමින් ස්ථාපිත කරනු ලැබ ඇති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය (Sri Lanka Technological University) සඳහා 2016 වර්ෂයේදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් උපාධි ප්‍රදානය කිරීමේ තත්ත්වය ලබා දෙනු ලැබ තිබේ. පාදුක්කේ පිහිටි SLT චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ අක්කර 36ක භූමි ප්‍රදේශයක මෙම විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබ තිබේ.

2017 වර්ෂයේ සිට උසස්පෙළ විභාගයේදී තාක්ෂණික විෂය ධාරාවෙන් සමත් වන සිසුන් සඳහා සිව් වසරක ඉංජිනේරු උපාධි පාඨමාලා මෙම විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දෙනු ලැබීමට නියමිත බවටත්, එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ ඩීකින් යන විශ්වවිද්‍යාල සමඟ සිසුන් හුවමාරු කරගැනීමේ ගිවිසුම්වලට එළඹ ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ටෙ‍ක්සාස් තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ නවසීලන්තයේ ලින්කන් විශ්වවිද්‍යාලය සමඟ එවැනි වැඩසටහන් ඇරඹීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවටත්, කර්මාන්තයේ නියැළි ආයතන විසින් අනුග්‍රහය දක්වනු ලබන පර්යේෂණ පැවැත්වීම දිරිගැන්වීම පිණිස පශ්චාත් උපාධි පර්යේෂණ අංශයක්ද මෙම විශ්වවිද්‍යාලය යටතේ පිහිටුවනු ලැබ ඇති බවටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.