• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිසර හිතකාමී කාබනික පළතුරු සහ එළවළු වගාවක් සඳහා එච්.වී.ඒ. ෆාම්ස් (ප්‍රයිවට් ලිමිටඩ්) සමාගම වෙත ඉඩමක් දීර්ඝ කාලීන බදු ලබා දීම
- පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි හෙක්ටයාර 69.9ක ඉඩම් කොටසක් පරිසර හිතකාමී කාබනික පළතුරු සහ එළවළු වගාවක් සිදු කිරීම පිණිස එච්.වී.ඒ. ෆාම්ස් (ප්‍රයිවට් ලිමිටඩ්) සමාගම වෙත 30 අවුරුදු කාලයක් සඳහා බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.