• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ දැනට රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 13ක් ක්‍රියාත්මක වන අතර, විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ පාඨමාලා 54ක් ඒවායේ පවත්වා ගෙන යනු ලබන අතර පෞද්ගලික අංශය විසින් පවත්වා ගෙන යනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලා 24ක් පමණ ක්‍රියාත්මක වේ. රාජ්‍ය අංශයේ පුහුණු මධ්‍යස්ථානවලින් 2016 වර්ෂයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,200ක් පමණ පුහුණුව ලබා ඇත. එම පුහුණු මධ්‍යස්ථාවල දැනට ක්‍රියාත්මක වන්නේ ජාතික වෘත්තිය සුදුසුකම් 3 සහ 4 මට්ටමේ පාඨමාලා පමණක් වන අතර, ජාතික වෘත්තීය සුදුසුකම් 5 හෝ 6 මට්ටමේ පාඨමාලා හැදෑරීම සඳහා අනුරාධපුරය හෝ යාපනය හෝ පිහිටි විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත යොමු විය යුතු වේ. මෙම තත්ත්වය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රුපියල් මිලියන 434ක පිරිවැයකින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියාහි විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.