• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'දිවි උදාන' පොළී සහනාධාර ණය යෝජනා ක්‍රම වැඩසටහන - 2017
- රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම, නිෂ්පාදන ආර්ථිකය දිරිමත් කිරීම සහ සමාජ සුබසාධනය අරමුණු කරගනිමින් සහන ණය යෝජනා ක්‍රම ඇති කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලද අතර, ඒ අනුව සහන ණය යෝජනා ක්‍රම 08ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදනු ලැබ තිබේ. 'දිවි උදාන' පොළී සහනාධාර ණය යෝජනා ක්‍රම වැඩසහටන ලෙස නම් කර ඇති මෙම සමස්ත වැඩසටහන 2017 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවටත්, වාණිජ බැංකු මඟින් එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ බැංකු සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇති බවටත්, එම ණය යෝජනා ක්‍රම වැඩසටහන සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය මඟින් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.