• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මා ඔය ද්‍රෝණියේ යටිමහන ජලාශය හා කැලණි ගඟ ද්‍රෝණියේ වී ඔය ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම
- වියළි කාලගුණික තත්ත්වයක් පවතින කාලවලදී මා ඔය සහ කැලණි ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක වන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල පවිත්‍රාගාර සඳහා අවශ්‍ය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ. එම තත්ත්වය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජල සම්පාදන යෝජනා ක්‍රම සැලසුම් කිරීමේදී ද බලපෑමක් ඇති කරනු ලබයි.

මෙයට පිළියමක් වශයෙන් කැලණි ගං ද්‍රෝණිය ආශ්‍රිතව ඝන මීටර මිලියන 19ක ධාරිතාවකින් යුතු යෝජිත වී ඔය ජලාශය ඉදි කිරීමටත්, මා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඝන මීටර මිලියන 12.7ක ධාරිතාවකින් යුතු යෝජිත යටිමහන ජලාශය ඉදි කිරීමටත් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම යෝජිත උඩු ගං ජලාශ ඉදි කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන සිදු කිරීමටත්, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව සීමාසහිත මහවැලි උපදේශක කාර්යාංශය වෙත පැවරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.