• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීම - 2017
- බස් ධාවක සංගම් ඇතුළු ආදළ පාර්ශ්ව විමසා බස් ගාස්තු සංශෝධනය කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පවරනු ලැබ තිබේ. මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත පදනම් කරගෙන හා බස් ධාවන පිරිවැයට අදාළව සිදුව ඇති වෙනස්කම් සැලකිල්ලට ගෙන, 2017 වර්ෂය සඳහා වන බස් ගාස්තු සංශෝධන යෝජනා සකස් කරනු ලැබ තිබේ.

ඒ අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කරනු ලැබ ඇති යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2017 ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින බස් ගාස්තු 6.28% කින් වැඩි කිරීමටත්, වර්තමානයේ රුපියල් 09/-ක් වන අවම බස් ගාස්තුව රුපියල් 10/-ක් වන පරිදි සංශෝධනය කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.