• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය දියුණු කිරීම සහ ඉහළ නැංවීම
- කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා 2017 මාර්තු 14 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යුරෝ මිලියන 9.5ක මුදල එරට බැංකුවක් හරහා පොලී රහිත සහනදායී ණයක් වශයෙන් ලබා දීමට ඔස්ට්‍රියානු රජය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ඔස්ට්‍රියාවේ රෙයිෆේයිසන් බෑන්ක් ඉන්ටර්නැෂනල් සමඟ සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අනතුරුව ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු වැඩබලන අමාත්‍යතුමා වශයෙන් ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.