• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල්වල ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක වැඩි දියුණු කිරීම
- ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් හඳුනාගත් රජයේ රෝහල් සඳහා නිර්වින්දන උපකරණ, දැඩි සත්කාර ඒකක සඳහා කෘත්‍රිම ශ්වසන උපකරණ, රුධිර වායු විශ්ලේෂකයන්, එන්ඩෝස්කොපි උපකරණ, ශල්‍යාගාර සහ ජංගම අලෝක පද්ධති යන උපකරණ ලබා දීම සඳහා වන ව්‍යාපෘතියක් සැලැසුම් කරනු ලැබ තිබේ. ඒ සඳහා යුරෝ මිලියන 9.58ක සහනදායී ණය මුදලක් ඔස්ට්‍රියානු බැංකුවක් හරහා ලබා දීමට ඔස්ට්‍රියානු රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු වැඩබලන අමාත්‍යතුමා වශයෙන් ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.