• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2016
- 2013 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 13 වන වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් මුදල් වර්ෂය අවසානයේදී අවසාන අයවැය තත්ත්ව වාර්තාව (වාර්ෂික වාර්තාව) පාර්ලිමේන්තුව හා මහජනතාව වෙත නිකුත් කළ යුතු වේ.

ඒ අනුව, 2016 මුදල් වර්ෂයට අදාළ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් කර පරිච්ඡේද 13කින් සමන්විතව පිළියෙල කරනු ලැබ ඇති වාර්තාව, රජයේ මූල්‍ය ප්‍රකාශ සහ ඒ පිළිබඳව වන විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.