• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ශක්තිමත් කිරීම
- අඛණ්ඩව මුහුණ දීමට සිදුව ඇති ස්වාභාවික ව්‍යසන සඳහා මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උද්ගත වන ව්‍යසන සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වා සහන සේවා හා ප්‍රතිස්ථාපන කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම පිණිස 'ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය' තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා එහි ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලවල පවතින පුරප්පාඩු පිරවීම, අලුතින් තනතුරු ඇති කිරීම වැනි ක්‍රියාමාර්ග ගනිමින් ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආපදා සහන සේවා යන්ත්‍රණය ශක්තිමත් කළ යුතු වේ. ඒ අනුව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන‍ෙය් දැනට පවතින නිලධාරි පුරප්පාඩු වහාම පිරවීමටත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ආපදා සහන නිලධාරියෙකු බැගින් අනුයුක්ත කිරීමටත්, අත්‍යවශ්‍ය රාජකාරි සඳහා අලුතින් තනතුරු ඇති කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.