• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 මැයි මස ඇති වූ ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ පදිංචි නිවාසවලින් ඉවත් වීමට සිදු වූ පවුල් සඳහා නිවාස කුලී දීමනාවක් ලබා දීම
- පසුගිය මැයි මස අගභාගයේ ඇතිවූ ගංවතුර, නායයෑම් හා සුළි සුළං හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වූ අතර, එහිදී නිවාස 3,037ක් පූර්ණ වශයෙන් ද, නිවාස 25,647ක් අර්ධ වශයෙන් ද හානියට පත්ව ඇත. එලෙස පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස නිවාස හානි වූ පවුල් සහ නායයාමේ දැඩි අවදානම හේතුවෙන් පදිංචිව සිටි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සඳහා දැනට සුබසාධන මධ්‍යස්ථානවල රැකවරණ පහසුකම් සලසා ඇත. ඒ අනුව, එම පවුල්වලට තාවකාලිකව කුලී නිවාසවල පදිංචිවීමට හැකියාව ලැබෙන පරිදි එක් පවුලකට මසකට රුපියල් 7,500/- බැගින් වන දීමනාවක් 2017 ජුනි, ජූලි හා අගෝස්තු යන මාස සඳහා ලබා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.