• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව සම්පත් සංවර්ධනය සඳහා ජපාන රජය විසින් ශිෂ්‍යත්ව ලබා දීම
- රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරින්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින්, 'මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන' ජපාන රජය විසින් 2010 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම වසරේ අවසන් වීමට නියමිත එම වැඩසටහන තවත් වසර හතරක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ජපාන රජය එකඟ වී ඇත. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 358ක ප්‍රදානයක් ලබාගැනීම සඳහා ජපාන රජය සමඟ හුවමාරු ලිපි අත්සන් කිරීමේ හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ අදාළ ප්‍රදාන ගිවිසුම් දෙක (02) අත්සන් කිරීමේ බලය භාණ්ඩාගාරයේ ලේකම්වරයාට පැවරීම පිණිස වැඩබලන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.