• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදි කිරීම, වඩුගොඩ, පයාගල
- කළුතර දිස්ත්‍රික්කයේ දැනට පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංඛ්‍යාව හා පයාගල ප්‍රදේශයේ වෙසෙන ජනගහනය සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම ළමා හා මාතෘ සෞඛ්‍ය, බෝ නොවන රෝග සහ ඩෙංගු මර්දන වැඩසටහන් විශේෂ අවධානයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා එම ප්‍රදේශය වෙනුවෙන් නව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයක් ඉදි කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ.

ඒ අනුව, පයාගල, වඩුගොඩ ප්‍රදේශය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.