• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෙද පුහුණු පාසල් සංවර්ධනය
- දිවයින පුරා පිහිටි රෝහල්වල හෙද, හෙදි නිලධාරින් 34,000ක් පමණ සේවය කරනු ලබයි. හෙද පුහුණු පාසල් නවීකරණය කිරීම කාලීන අවශ්‍යතාවක් වන අතර මේ යටතේ හෙද පුහුණු පාසල් 14ක අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිලි සහ ඊට අමතරව ඇතැම් පුහුණු පාසල්වල නේවාසික ගොඩනැඟිලි කඩිනමින් ඉදි කළ යුතු බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව, 2017 වර්ෂයේ වෙන් කර ඇති රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් ගාල්ල, මහනුවර හා අනුරාධපුර යන හෙද විදුහල්වල අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිලි ඉදි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.