• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩිජිටල් සාක්ෂරතාව නැංවීම හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් ආර්ථිකය හා යහපාලන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය අරමුණු කරගත් ව්‍යාපෘති: 2016 - 2018
- ආර්ථිකය ඩිජිටල් කිරීමේ වැඩසටහන යටතේ, 2016-2018 කාල සීමාව තුළ ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත.

එම ව්‍යාපෘති අතුරින් 2017 වර්ෂයේදී අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් මිලියන 20 ඉක්මවන ව්‍යාපෘති 10ක් හඳුනාගෙන ඇති අතර එකී ව්‍යාපෘති මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.