• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවාස සහ මානව ජනාවාස සංවර්ධනය සඳහා ඉඩම් වෙත ප්‍රවේශය
- භුමිය ඉතා සීමිත සම්පතක් වන බැවින් අරපිරිමැස්මෙන් හා ඵලදායි ලෙස පරිහරණය කළ යුතු වේ. කෘෂිකාර්මික නොවන කාර්යක් සඳහා කුඹුරු ඉඩම් භාවිතය තහනම් කරමින් දැනට පනවනු ලැබ ඇති විවිධ සීමා හේතු කොට ගෙන විශේෂයෙන්ම ශීඝ්‍රයෙන් නාගරීකරණය වන ප්‍රදේශවල මානව ජනාවාස සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වී තිබේ. ඒ අනුව, අතහැර දමන ලද හෝ වගා කළ නොහැකි කුඹුරු ඉඩම් නගර සංවර්ධන සැලසුම්වලට ගැලපෙන අයුරින් සහ පාරිසරික ගැටලු ඇති නොවන පරිදි ජනාවාසකරණය සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, පරිසර සංරක්ෂණයට අදාළ විධිමත් ආරක්ෂණ විධික්‍රම අනුගමනය කරන අතරම අත්හැර දමන ලද හෝ වගා කළ නොහැකි කුඹුරු ඉඩම් වැනි ඌන උපයෝජිත ඉඩම් කොටස් නිවාස ඉදි කිරීමේ කටයුතු සඳහා ලබා දීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය තීරණය කිරීම පිණිස අදාළ අමාත්‍යාංශවල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.