• Increase font size
  • Default font size
  • Decrease font size

2017-06-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාපරාධී කාරණාවල දී අ‍න්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳව ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- විමර්ශන පැවැත්වීම, නඩු පැවරීම, අපරාධ වැළැක්වීම සහ සාපරාධී කටයුතුවලින් උපයන මුදල් රාජසන්තක කිරීම යන කරුණුවල දී දෙරටේ පවතින නීති බලගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සාපරාධී කාරණාවලදී නෛතික සහයෝගිතාව දැක්වීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට එළඹීමටත්, ඉන් අනතුරුව, එකී ගිවිසුම අපරානුමත කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.